ඔයාලට මම ඉස්සෙල්ලා ලියපු පෝස්ට් 1කේ කිව්වා නේද වෛරස් 1ක් ගෑන.
මෙන්න අලුත් විස්තර ඒ ගෑන.

මේකෙ නම තමයි DNS Changer.
මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.
එහෙයින් ඉහත සඳහන් කල වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත්කිරීමයි.එවිට අපට අවශ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට අපව ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ ( Redirect ).
ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කිරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.මේ වන විට ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.
ඔබගේ පරිගණකයේ මෙම වෛරසය ඇත්දැයි දැනගැනීමට මෙම Link එකෙන් යන්න..
http://www.dns-ok.us/
එහි " DNS Resolution = GREEN " ලෙස ඇත්නම් ඔබගේ පරිගණකයට එම වෛරසය ඇතුලත් වී නොමැත.
" DNS Resolution = RED " ලෙස නම් ඔබගේ පරිගණකය එම වෛරසයට මේ වන විට ගොදුරු වී ඇත..
මම මෙ විස්තර ටික නම් හොය ගත්තෙ අයියෝ සල්ලි face book page 1කෙන්.
No comments:
Post a Comment